මහනුවර සිට හැටන් දක්වා ඊයේ(06) රාත්‍රීයේ අධික වේගයෙන් අන්තරාදායක ලෙස එකම දිසාවට පෞද්ගලික බස් රථ දෙකක් ධාවනය කළ රියදුරන් දෙදෙනෙකු හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් විසින් අද(07) අත්අඩංගුවට ගෙන තිබෙනවා.
බස් රථ දෙකම මහනුවර බස් නැවතුම් පොළේ සිට අවස්ථා දෙකකදී ගමන් ආරම්භ කර ඇති අතර ප්‍රථමයෙන් ධාවනය වූ බස් රථය ගිනිගත්හේන ප්‍රදේශයේදී හමුවීමත් සමග එම බස් රථ දෙකේ රියදුරන් හැටන් බස් නැවතුම් පොළ දක්වා අධික වගේයෙන් අන්තරාදායක ලෙස බස් රථ ධාවනය කර තිබෙනවා.
බස් රථ අන්තරාදායක ලෙස ධාවනය කරවන අයුරු බස් රථ දෙකට පසුපසින් පැමිණි යතුරු පැදියක පසුපස ගමන් කළ පුද්ගලයෙකු විසින් ජංගම දුරකථනයෙන් පටිගත කර හැටන් කොට්ඨාසභාර පොලිස් අධිකාරි ප්‍රදීප් වීරසේකර මහතා වෙත පැමිණිල්ලක් වශයෙන් ලබාදී තිබෙනවා.
වහා ක්‍රියාත්මක වූ පොලිස් අධිකාරිවරයා එම බස් රථ දෙක ධාවනය කළ රියදුරන් දෙදෙනා අත්අඩංගුවට ගන්නා ලෙස හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලධාරීන් වෙත දැනුම්දීමෙන් පසුව රියදුරන් දෙදෙනා සැකපිට අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගත් සැකකාර රියදුරන් දෙදෙනාට අන්තරාදායක ලෙස රියද පැදවීමේ චෝදනාව යටතේ හැටන් මහේස්ත්‍රාත් අධිකරණය හමුවේ නෛතික පියවර ගන්නා බවයි හැටන් පොලිසියේ රථ වාහන අංශයේ නිලදාරීන් කියා සිටියේ.