දක්ෂිණ අධිවේගී මාර්ගයේදී වෑන් රථයක් අනතුරට ලක්වීමෙන් කාන්තාවන් දෙදෙනෙක් මියගොස් තවත් සිව්දෙනෙක් තුවාල ලබා තිබෙනවා.
ඒ දක්ෂිණ අධිවේගී මාර්ගයේ අඟුණුකොළපැලැස්ස 175 වන කිලෝමීටර් කණුව ආසන්නයේදීයි.
මත්තල සිට කොළඹ බලා ධාවනය වෙමින් තිබූ කුඩා වර්ගයේ වෑන් රථයක පිටුපස ටයරය පුපුරාගොස් එම රථය ආරක්ෂිත වැටේ ගැටී මෙම අනතුර සිදුව තිබෙනවා.
අනතුර සිදුවන අවස්ථාවේ වෑන් රථයේ හය දෙනෙකු සිට ඇති අතර තුවාල ලැබූවන් කඩිනමින් හම්බන්තොට මහ රෝහලට ඇතුළත් කර තිබෙනවා.
මෙලෙස මියගොස් ඇත්තේ වයස අවුරුදු 44ක් සහ 72ක් වන කාන්තාවන් දෙදෙනෙකි.