රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසී ඇති කිලෝග්‍රෑම් එකකට අඩු මත්ද්‍රව්‍ය සාම්පල ඉවත් කිරීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස අධිකරණ සේවා කොමිෂන් සභාව සියලු මහෙස්ත්‍රාත්වරුන්ට දැනුම් දී තිබෙනවා.
අධිකරණ සහ ජාතික ඒකාබද්ධතා අමාත්‍යාංශ ලේකම් ජනාධිපති නීතීඥ අයේෂා ජිනසේන මහත්මිය විසින් සිදුකළ ඉල්ලීමකට අනුවයි මෙම දැනුම්දීම සිදුකර ඇත්තේ.
1981 වර්ෂයේ සිට 2023 වර්ෂය දක්වා රජයේ රස පරීක්ෂක දෙපාර්තමේන්තුව වෙත යොමුකර ඇති කිලෝ ග්‍රෑම් එකට අඩු පරීක්ෂණ කටයුතු අවසන් කර ඇති මත්ද්‍රව්‍ය සාම්පල සම්බන්ධයෙන් වාර්තාවක් අධිකරණ අමාත්‍යාංශය විසින් අධිකරණ සේවා කොමිෂන් සභාව වෙත යොමුකර තිබෙනවා.
පරීක්ෂණ කටයුතු අවසන් වූ මත්ද්‍රව්‍ය සම්පාල රස පරික්ෂක දෙපාර්තමේන්තුවේ ගොඩගැසීම හේතුවෙන් එහි ඉඩකඩ ප්‍රමාණවත් නොවීම මත මෙම පියවර ගත් බවයි අමාත්‍යාංශය සදහන් කළේ.