ජාතික අධ්‍යාපන විද්‍යා පීඨවල ගුණාත්මකභාවය සංවර්ධනය සඳහා ක්‍රියාකාරි සැලැස්මක් දියත් කිරීමත් සිය විශේෂ අවධානය යොමුව ඇති බව අධ්‍යාපන හා උසස් අධ්‍යාපන නියෝජ්‍ය අමාත්‍ය වෛද්‍ය මධුර සෙනෙවිරත්න මහතා පවසනවා.
ජාතික අධ්‍යාපන විද්‍යාපීඨවල පීඨාධිපතිවරුන් සඳහා බත්තරමුල්ල අධ්‍යාපන අමාත්‍යාංශ පරිශ්‍රයේදී පැවති සාකච්ඡාවක් අමතමන් නියෝජ්‍ය අමාත්‍යවරයා මේ බව පැවසූවා.
මෙම සාකච්ඡාව සඳහා දිවයිනේ සියලු අධ්‍යාපන විද්‍යා පීඨවල පීඨාධිපතිවරුන් සහභාගී වී සිටියා.
එහිදී එක් එක් අධ්‍යාපන විද්‍යා පීඨය සඳහා සිය අධ්‍යයන සහ අනධ්‍යයන ගැටලු, යටිතල පහසුකම් සංවර්ධනය සම්බන්ධයෙන් වන ගැටලු සාකච්ඡා කිරීමට අවස්ථාවද හිමිවී තිබෙනවා.