පාසල් අධ්‍යාපනය අතරමග නතර කරන දරුවන් වෘත්තීය අධ්‍යාපනයට යොමු කිරීම අධ්‍යාපන ප්‍රතිසංස්කරණවල අරමුණු බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මෙනවිය පවසනවා.
එසේ කිරීම තුලින් ඔවුන්ගේ දායකත්වය සමග රටේ ආර්ථික දියුණුවට ලබා ගැනීමේ හැකියාවක් පවතින බවයි අග්‍රාමාත්‍යවරිය සදහන් කළේ.
කොළඹ අගරදගුරු නිල නිවසේ පැවති විශේෂ සාකච්ඡාවකට එක්වෙමින් අග්‍රාමාත්‍යවරිය මේ බව පවසා සිටියා.
2026 වර්ෂයේ සිට ක්‍රියාත්මක කිරීමට නියමිත අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ දැනුවත් කිරීමේ විශේෂ සාකච්ඡාවක් අගරදගුරු අති උතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන් ප්‍රමුඛ රදගුරුවරුන් සමග ඊයේ පැවැත්වුණා.
මෙහිදී අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව පූර්ණ විස්තරයක් අග්‍රාමාත්‍යවරිය සහ අධ්‍යාපන අමාත්‍යංශ ලේකම් නාලක කලුවැව මහතා විසින් ඉදිරිපත් කරනු ලැබුවා.
එහිදි කෘෂිකර්මාන්තය, ධීවර කර්මාන්තය, විදුලි කාර්මික ක්ෂේත්‍රය, වාහන අලුත්වැඩියාව වැනි ක්ෂේත්‍රවල විශේෂඥයින් බිහිකිරීමේ අඩිතාලම නව ප්‍රතිසංස්කරණ යටතේ පාසල තුළම නිර්මාණය කරන ආකාරය පිළිබඳව ද විශේෂ අවධානයක් යොමු වුණා.
එමෙන්ම ගුරු පුරප්පාඩු පියවා ගැනීමේදී විෂය ප්‍රවීණයින් තෝරා ගැනීමේ වැදගත්කමත්, එම තෝරා ගැනීමේ ක්‍රියාවලිය විධිමත් කිරීමත්, ගුණාත්මක අධ්‍යාපනයක් දරුවන්ට ලබා දීම සඳහා ගත හැකි ක්‍රියාමාර්ග පිළිබඳවත් දීර්ඝ වශයෙන් සාකච්ඡා කෙරුණා.