පාර්ලිමේන්තුව අද සිට ලබන 9 වැනිදා දක්වා කතානායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්රධානත්වයෙන් රැස්වීමට නියමිතයි.
ඒ අනුව අද පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්රශ්න සදහා වෙන් කර තිබෙනවා.
ඉන් අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05.30 දක්වා කාලයේදී විපක්ෂය විසින් ගෙනෙනු ලබන යෝජනාවට අනුව මාතර නිල්වලා ගඟ ආශ්රිතව ඉදිකළ ලවණ බාධකය හේතුවෙන් මතුව ඇති ගැටලුකාරී තත්ත්වය පිළිබඳ සභාව කල්තැබීමේ විවාදය පැවැත්වෙනු ඇති.