අද සිට යූරියා පොහොර ගොවිජන සේවා මධ්‍යස්ථාන මගින් බෙදා හැරෙන බවයි එම අමාත්‍යාංශය නිවේදනය කළේ.
මෙම පොහොර තොගය ඕමානයේ සිට ආනයනය කර තිබෙනවා.
යුරියා පොහොර මෙට්‍රික් ටොන් 22,500 සහිත නෞකාවක් පසුගියදා මෙරටට ගෙන ආ බවයි කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර පැවසුවේ.
මේ අතර, අනුරාධපුරය – ගලෙන්බිදුනුවැව හුරුලුවැව – වම් ඉවුර හා දකුණ ඉවුර යටතේ වගා කෙරෙන කුඹුරුවලට වැළඳී ඇති පණු උවදුරක් හේතුවෙන් වගාවන් විනාශ වීමේ අවදානමක් මතුව තිබෙනවා.
ගොවීන් ප්‍රකාශ කළේ කුඹුරු අක්කර 6,000 ක් පමණ ගොඩවෙල් නමැති මෙම පණු උවදුරට ගොදුරුවී ඇති බවයි.