පැය දෙකයි මිනිත්තු 20 ක විදුලි කප්පාදුව අද සිට මෙම මස 22 වනදා දක්වා දින තුනක් ක්රියාත්මක කිරීමට අනුමැතිය ලබා දුන් බව මහජන උපයෝගිතා කොමිසමේ සභාපති ජනක රත්නායක මහතා පැවසුවා.
මේ අනුව ඒ සිට ඩබ්ලිව් දක්වා කලාප 20 ට දහවල් කාලයේ පැයක් ද, රාත්රී කාලයේ පැයයි මිනිත්තු 20 ක් ද වශයෙන්, එලෙස විදුලි කප්පාදුව ක්රියාත්මක කිරීමට අවසර ලබා දුන් බවයි ජනක රත්නායක මහතා වැඩිදුරටත් සඳහන් කළේ.