පාර්ලිමේන්තුව අදත් පෙරවරු 09.30ට රැස් වුණා.
ඒ අනුව පෙරවරු 09.30 සිට පෙරවරු 10.30 දක්වා කාලය මන්ත්‍රීවරුන්ගේ වාචික පිළිතුරු අපේක්ෂා කරන ප්‍රශ්න සඳහා වෙන් කිරීමටයි කටයුතු කර ඇත්තේ.
අනතුරුව පෙරවරු 10.30 සිට පස්වරු 05 දක්වා කැසිනෝ ව්‍යාපාර නියාමනය කිරීම පනත යටතේ ඇති රෙගුලාසි, කොළඹ වරාය ආර්ථික කොමිෂන් සභා පනත යටතේ ඇති නියෝග ඇතුළු නියෝග සහ නියමයන් කිහිපයක් පිළිබඳ විවාදය පැවත්වීමට නියමිතයි.
මීට අමතරව 2024 අංක 01 දරන පරිපුරක ඇස්තමේන්තුව යටතේ යෝජනා සම්මතය අද දිනයේදී විවාදයට ගැනීමට පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාව ඊයේ තීරණය කළා.