දිවයිනේ නිරිතදිග කොටසේ පවතින වැසි තත්ත්වය තවදුරටත් වැඩි වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
ඒ අනුව බස්නාහිර, සබරගමුව සහ වයඹ පළාත්වලත් මහනුවර, නුවරඑළිය, ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවලත් අද දින විටින් විට වැසි ඇතිවන බව සඳහන්.
ඌව පළාතෙත් අම්පාර සහ මඩකළපුව දිස්ත්‍රික්කවලත් සවස් කාලයේ හෝ රාත්‍රී කාලයේත් ස්ථාන ස්වල්පයක මිලිමීටර 50 ඉක්මවූ වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවිය හැකි බවද කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා .
එමෙන්ම විටින් විට හමන පැ. කි. මී. 40 ත් 50 ත් අතර තද සුළං බලාපොරොත්තු විය හැකි බවයි එම දෙපාර්තමේන්තුව වැඩි දුරටත් පවසන්නේ .