ඩබ්ලිව්.එම්. අතුල තිලකරත්න නැමැත්තාට වසර 07ක බරපතල වැඩ සහිත සිරදඬුවමක් නියම කර තිබෙනවා.
ඒ අනුරාධපුර මහාධිකරණ විනිසුරු නලීන් ද හේවාවසම් මහතා විසින් .
මෙම පුද්ගලයා පසුගිය දා ජනාධිපති පොදු සමාව යටතේ අනීතිකව අනුරාධපුර බන්ධනාගාරයෙන් මුදාහැරීමට කටයුතු කර තිබුණා.
කූඨ ලේඛනයක් සකස් කර බැංකුවකින් රුපියල් ලක්ෂ 35ක මුදලක් ලබාගෙන එම මුදල සාපරාධීව පරිහරණය කිරීම සම්බන්ධයෙන් මෙම පුද්ගලයාට චෝදනා එල්ල වී තිබෙනවා.
බැංකුවකින් මුදල් ලබා ගැනීමට භාවිත කරන ලේඛනයක් කූඨ ලෙස සකස් කර මුදල් ලබා ගැනීමේ චෝදනාව යටතේ වසර පහක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් සහ සාවද්‍ය පරිහරණය කිරීමේ චෝදනාවට තවත් වසර දෙකක බරපතළ වැඩ සහිත සිර දඬුවමක් මෙසේ නියම කර ඇති බවයි වාර්තා වුනේ.