රට තුළ අත්‍යාවශ්‍ය ඖෂධ වර්ග 150ක පමණ හිඟයක් පවතින බව සමස්ථ ලංකා වෛද්‍ය නිලධාරින්ගේ සංගමය පවසනවා.
දැනට පවතින අත්‍යාවශ්‍ය ඖෂධ තොග අවසන් වෙමින් පැවතීම හේතුවෙන් ඉදිරියේදී දැඩි අර්බුදකාරි තත්ත්වයකට පත් වීමට සිදු වනු ඇතැයි වාර්තා වන්නේ.
මේ අතර පවතින මූල්‍ය අර්බුදය හමුවේ රජයේ රෝහල්වල සිදු කරන සැත්කම් සඳහා අවශ්‍ය සායනික අමුද්‍රව්‍ය ගෙන්වීමේ ප්‍රමාදයක් පවතින බව සෞඛ්‍ය අමාත්‍ය කෙහෙළිය රඹුක්වැල්ල මහතා පවසනවා.
මේ හේතුවෙන් විශේෂඥ වෛද්‍ය උපදෙස් මත අත්‍යාවශ්‍ය සහ හදිසි සැත්කම් පමණක් සිදු කිරීමටයි තීරණය කර ඇත්තේ.