පාස්කු ප්‍රහාරයෙන් විපතට පත් වූවන්ට ගෙවිය යුතු හිඟ වන්දි මුදල 2024 අගෝස්තු 30 වැනිදාට පෙර ගෙවන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේනට නියෝග කර තිබෙනවා.
පාස්කු ඉරුදින ත්‍රස්ත ප්‍රහාරය සම්බන්ධයෙන් මූලික අයිතිවාසිකම් උල්ලංඝනය කිරීම සම්බන්ධයෙන් වන්දි ගෙවීමට නියම වී සිටින හිටපු ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන, හිටපු පොලිස්පති පූජිත ජයසුන්දර සහ හිටපු රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානී නිලන්ත ජයවර්ධන යන මහත්වරු තමන්ට ගෙවීමට නියමිත වන්දි මුදල් අගෝස්තු මස 30 වනදාට පෙර ගෙවා අවසන් කළ යුතු බව ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.













