අගෝස්තු මස ඉන්ධන මිල ගණන්වල වෙනස් වීමක් සිදු නොවන ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාව නිවේදනය කරනවා.
ඒ ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවේ මිල සූත්‍රයට අනුකූලව මාසිකව සිදු කරනු ලබන සිපෙට්කෝ ඉන්ධන සිල්ලර මිල ගණන් සංශෝධනයට අදාලවයි.
ඒ අනුව ලංකා සුදු ඩීසල් ලීටරයක මිල දැක්වෙන්නේ රුපියල් 289 ක් ලෙසයි.
ලංකා පෙට්‍රල් 05 යුරෝ 4 ලීටර්යක් රුපියල් 341 ක් ලෙසත් ලංකා පෙට්‍රල් ඔක්ටේන් 92 ලීටරයක් රුපියල් 305 ක් ලෙසත් පැවති මිල ගණන් යටතේම පවතිනු ඇති.