ඉන්දියාව සමඟ පවතින හවුල්කාරිත්වය අමෙරිකාවට වඩාත්ම ප්‍රතිඵලදායක සබඳතාවලින් එකක් වන බව අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවේ ප්‍රධාන නියෝජ්‍ය ප්‍රකාශක වෙදාන්ත් පටෙල් පවසනවා.
ඔහු පවසා ඇත්තේ ඉන්දියාව සමග පවතින ආර්ථික සබඳතා තර කිරීමට සහ ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීමට අමෙරිකාව අපේක්ෂා කරන බවයි.
එමෙන්ම රාජ්‍ය සංචාරයක් සඳහා පැමිණෙන ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිට සත්කාරකත්වය ලබාදීමට අමෙරිකාව උනන්දුවෙන් පසුවන බව ද ඔහු සඳහන් කර තිබෙනවා.
මේ අතර ධවල මන්දිරය පවසා ඇත්තේ ඉන්දීය අග්‍රාමාත්‍යවරයාගේ අමෙරිකානු සංචාරය දෙරට අතර ගැඹුරු, සමීප සහයෝගීතාවය නැවත තහවුරු කිරීමට අවස්ථාවක් වනු ඇති බවයි.
අමෙරිකානු ජනාධිපති ජෝ බයිඩ්න්ගේ සහ ඔහුගේ බිරිඳ ජිල් බයිඩ්න්ගේ ආරාධනයකට අනුව ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි ලබන 22 වනදා රාජ්‍ය සංචාරයක් සඳහා අමෙරිකාවට පැමිණීමට නියමිතව තිබෙනවා.
ඔහු එහිදී අමෙරිකානු කොංග්‍රසය ද අමතනු ඇති.