නෝර්වුඩ් ප්‍රදේශයට ඇද හැලෙන වර්ෂාවත් සමග පතිත වූ අකුණු සැරකින් ගාල් කර තිබූ ඩොල්ෆින් වර්ගයේ වෑන් රථයකට සහ ඒ ආසන්න නිවසකට දැඩි අලාභ හානි සිදුව තිබෙනවා.
එසේම එම නිවසේ සිටි පුද්ගලයෙකු අකුණු සැර වැදීමේදී ඇති වූ කම්පනයෙන් බිම ඇද වැටී තුවාල ලබා දික්ඔය මූලික රෝහල වෙත ඇතුළත් කර තිබෙනවා.
වෑන් රථය ගාල් කර තිබූ ස්ථානය අසල විශාල යුකැලිප්ටිස් ගසකට පස්වරු පහට පමණ අකුණු සැර පතිත වී එම අකුණු සැර පසුව වෑන් රථයට සහ නිවසට පතිත වූ බවත් අකුනු සැර වැදීම හේතුවෙන් නෝරවුඩ් ප්‍රදේශයට එක්වරම විදුලියද විසන්දි වූ බවයි නෝර්වුඩ් ප්‍රදේශවාසීන් කියා සිටියේ.
මිලිමීටර් 100ට වඩා අධික වැසි සමග අකුණු සැර පතිත වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව මගින් ජනතාව දැනුවත් කර තිබෙනවා.