ශ්‍රී ලංකා රජය විසින් නිල ණය හිමි කමිටුව සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ සාකච්ජා අවසන් කර අවබෝධතා ගිවිසුමකට එළඹීමෙන් අනතුරුව ජපාන රජය සමඟ පැවති ද්විපාර්ශ්වික සාකච්ඡා වලට අනුව ජපාන රජය සමඟ ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ ක්‍රියාවලිය අවසන් කිරීම සඳහා වන හුවමාරු පත්‍ර සහ සංශෝධන ගිවිසුම අත්සන් කිරීමට නීතිපතිගේ එකඟතාව ලැබී තිබෙනවා.
ඒ අනුව, ජපාන රජය සමඟ හුවමාරු පත්‍ර සහ ජපාන ජාත්‍යන්තර යහයෝගිතා නියෝජිතායතනය සමඟ සංශෝධන ගිවිසුම අත්සන් කිරීම පිණිස මුදල්, ක්‍රම සම්පාදන සහ ආර්ථික සංවර්ධන අමාත්‍ය වශයෙන් ජනාධිපතිවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කර තිබුණා.