හොරණ ඇසළ මහා පෙරහැර හෙවත් හොරණ මහා පෙරහැර මංගල්ලයේ දේව දූත පෙරහැර අද රාත්‍රියේ වීදි සංචාරය කිරීමට නියමිතව තිබෙනවා.
ඒ අනුව රාත්‍රී 8 .00 යෙදෙන සුභ මොහොතින් හොරණ රාජමහා විහාරස්ථානයෙන් පෙරහැර මංගල්ලය ආරම්භ වීමට නියමිතයි.
ඉන් පසුව පෙරහැර මංගල්ලය හොරණ නගරය වටා වීදි සංචාරය කර හොරණ වෑවල ඉසිපතනාරමය වෙත ගෙවදීමට නියමිතව තිබෙනවා.
දේව දූත පෙරහැර හේතුවෙන් අද රාත්‍රියේ හොරණ නගරයේ රථ වාහන කටයුතු එක් මන් තීරුවක් දක්වා සීමා කිරීමට තීරණය කර තිබෙනවා.
ඒ අනුව හැකිතාක් විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි හොරණ පොලීසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටින්නේ.
ඉන් අනතුරුව හෙට රාත්‍රියේ හොරණ මහා පෙරහැරේ අවසන් මහා පෙරහැර වීදි සංචාරය කෙරෙනු ඇති.
උණුසුම් පුවත්
- කුෂ් කිලෝ 46කට අධික ප්‍රමාණයක් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- ප්‍රදේශ රැසකට ගිගුරුම් සහිත වැසි
- පුද්ගල ඝාතනයකට සැකපිට 9ක් අල්ලයි
- නුවරඑළිය මහාධිකරණයෙන් සැකකරුවන් සිව් දෙනෙක්ට මරණ දඬුවම
- පතරොම් තොගයක් සොයා ගැනේ
- එකම පවුලේ පිරිසක් ගිය වෑන් එකක් ගැරඬි ඇල්ල ප්‍රදේශයේදී ප්‍රපාතයට පෙරළෙයි
- පුද්ගලයෙක් දිය රකුසාට බිළි
- නීති විරෝධීව වාහන ළඟ තබාගත් තිදෙනෙක් අත්අඩංගුවට














