දිවයින ආශ්‍රිතව පවතින ගැඹුරු පීඩන අවපාතය අනිද්දා වන විට දිවයිනෙන් බැහැරට ගමන් කරනු ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.
එහි අධ්යක්ෂ ජනරාල් අතුල කරුණානායක රජයේ ප්රවෘත්ති දෙපාර්තමේන්තුවේ අද පැවති විශේෂ ප්රවෘත්ති සාකච්ඡාවකට එක්වෙමින් කියා සිටියේ එය ඉන්දියාවේ තමිල්නාඩු මුහුදු ප්‍රදේශය වෙත ගමන් කරනු ඇති බවයි.
මෙම පීඩන අවපාතය අද පස්වරුව වන විට ත්‍රිකුණාමලයට කිලෝමීටර් 110 ක් පමණ දුරින් නැගෙනහිර දෙසින් පැවති අතර එය නැගෙනහිර වෙරළට ආසන්නව ගමන් කර ඉදිරි පැය 06 ක් තුළ සුළි කුණාටුවක් දක්වා තවදුරටත් තීව්ර වීමට ඉඩ ඇති බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව ප්‍රකාශ කළා.