රජය කිසිදු මැදිහත්වීමකින් තොරව රටේ නීතිය ස්වාධීනව ක්‍රියාත්මක කිරීමට අවස්ථාව මේවන විට ලබා දී ඇති බවත් යූ ටියුබ් නාලිකාවේ හිමිකරුගේ ප්‍රකාශ සාමාන්‍ය ප්‍රකාශයක් බවත් අනුරාධපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි සුසන්ත කුමාර නවරත්න මහතා පවසනවා.
මේවන විට රටේ නීතිය දුප්පත්, පොහොසත්, බලය ඇති, බලය නැති මිනිසුන් වෙනුවෙන් එක හා සමානව ක්‍රියාත්මක වෙමින් පවතින බවද දොරමඩලාව ප්‍රදේශයේදී මාධ්‍ය වෙත අදහස් දක්වමින් මන්ත්‍රීවරයා සඳහන් කළා.
ජාතික ජනබලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී මැදවච්චිය ආසන සංවිධායක සුසන්ත කුමාර නවරත්න මහතා එහිදී මෙලෙස වැඩිදුරටත් අදහස් දැක්වූවා.
“අපි කියන්න කැමැතියි දැන් අපේ රටේ නීතිය ස්වාධින කරලා තියෙනවා කියන එක.
ඒ නිසා නීතිය ක්‍රියාත්මක කරන ආයතනවලට ඒ අදාල පහසුකම් ටික සපයලා තියෙනවා.
නීතිය ස්වාධීනව ක්‍රියාත්මක වෙමින් තියෙනවා. කිසිදු දේශපාලන පලිගැනීමක් හරි ආණ්ඩුවේ මැදිහත් වීමක් මේ තුළ නෑ.
ඒ නිසා ස්වාධීනව අපි මේ අධිකරණ පද්ධතිය ක්‍රියාත්මක වෙන්න ඉඩ හැරලා තියෙනවා.
අපි ජනතාවට කියනවා විශේෂයෙන්ම ඔබට පහුගිය කාලයේ නීතිය සම්බන්ධයෙන්, අධිකරණය සම්බන්ධයෙන් යම් අවිශ්වාසයක් තිබුණා නම් ඔබ දැන් ඒ නීතිය සම්බන්ධයෙන්, අධිකරණ ක්‍රියාවලිය සම්බන්ධයෙන් විශ්වාසය තබන්න.
ඒ වගේම තමයි යූ ටියුබ් නාලිකා කරන කට්ටියට ඕනතරම් දේවල් කියන්නත් පුලුවන්.
අපි දැක්කා පහුගිය කාලයේ අනාගතය ගැන කට්ටිය බොහෝ දේවල් කිව්වා.
එහෙම දේවල් වෙන්න පුළුවන් ඉතින්. ඒ එහෙම කිසිදු කැලඹීමක් ඉලක්ක කරගනිමින් කළ දේවල් නොවේ.”