පළාත් පාලන සතියේ “පුනරුදයට පුරවරයක්” යන තේමාව යටතේ දුම්රියෙන් දුම්රියෙන් ගමන්ගන්නා මගීන් සඳහා හැටන් දුම්රිය ස්ථානයේ ජංගම පුස්තකාලයක් අද(19) දින පස්වරුවේ ස්ථාපනය කර තිබෙනවා.
පළාත් පාලනසතියේ සාහිත්‍ය, අධ්‍යාපන සහ පුස්තකලා දිනය වශයෙන් අද(19) දිනය නම් කර තිබෙන අතර ඒ වෙනුවෙන් හැටන් දික්එය නගර සභාවේ සභාපති අසෝක කරුණාරත්න මහතා ඇතුළු ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරුන් විසින් සිංහල, දෙමළ සහ ඉංග්‍රීසි භාෂාවෙන් මුද්‍රණය කර ඇති අධ්‍යාපනික වශයෙන් වටිනාකමකින් යුත් පොත් 300ක් සහ පොත් රාක්කයක් හැටන් දුම්රිය ස්ථානයේ දුම්රිය ස්ථානාධිපති ජානක ප්‍රනාන්දු මහතා වෙත ලබාදී තිබෙනවා.
මෙම පුස්තකාලය සඳහා ඕනෑම අයෙකුට අධ්‍යාපනික වටිනාකමකින් යුත් පොත් පරිත්‍යාග කළ හැකි බවත් පොත් කියවීමට රුචිකත්වයක් දක්වන දුම්රියෙන් ගමන් ගන්නා මගීන්ට මෙම ජංගම පුස්තකාලයෙන් පොත් නොමිලේ ලබාගෙන එම පොත් දුම්රිය පැමිණෙන තෙක් කියවා හෝ දුම්රිය ගමනාන්තය දක්වා කියවා එම පොත වෙනත් දුම්රිය ස්ථානයකට ලබාදිය හැකි බවත් එම පොත ආපසු එම දුම්රිය ස්ථානයෙන් හැටන් දුම්රිය ස්ථානය වෙත යොමු කරන බවයි හැටන් දුම්රිය ස්ථානාධිපතිවරයා කියා සිටියේ.
මෙම අවස්ථාවට හැටන් දුම්රිය ස්ථානයේ නිලධාරීන් රැසක්ද එක්ව සිටියා.