අද දිනයේදීත් උදෑසන 9.30 ට පාර්ලිමේන්තුවේ වැඩකටයුතු ආරම්භ කෙරුණා.

මේ අනුව අද දින ක්‍රීඩා අමාත්‍යංශ වැය ශීර්ෂ විවාදය මේ වන විට ආරම්භ වී ඇති අතර එහිදි පාර්ලිමේන්තු මන්ත්‍රී රොෂාන් රණසිංහ මහතා විසින් පාර්ලිමේන්තුවේදී සිය අදහස් ප්‍රකාශ කිරීමට කතානායකවරයාගෙන් අමතර වේලාවක් ඉල්ලා සිටියා.

ඒ අනුව ක්‍රීඩා අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා විසින් ඔහුගේ වේලාවෙන් විනාඩි 10 ක කාලයක් රොෂාන් රණසිංහ මහතාට ලබාදෙන බවටයි කතානායකවරයාට දැනුම් දුන්නේ.

මේ අනුව විජයදාස රාජපක්ෂ මහතාගේ විනාඩි 9 ක කාලයද හරීන් ප්‍රනාන්දු අමාත්‍යවරයාට ලබා දීමට අද පාර්ලිමේන්තුවේදී කටයුතු කෙරුණා.

අදාළ විවාදයට එක්වෙමින් හිටපු ක්‍රීඩා අමාත්‍ය රොෂාන් රණසිංහ මහතා ඒ පිළිබදව සිය අදහස් පළ කළ අතර ඊට පාර්ලිමේන්තු මන්ත්‍රී ලක්ෂ්මන් කිරිඇල්ල මහතා ද මෙලෙස එක්වුණා.

https://www.vnews.lk/storage/2023/12/ROSHAN-VS-LAKXMAN-EDIT-1-1.mp3?_=1

අදාළ විවාදයට පාර්ලිමේන්තු මන්ත්‍රී හේෂා විතානගේ මහතා ද මෙලෙස එක්ව අදහස් පළ කළා.

https://www.vnews.lk/storage/2023/12/HESHA-VITHANAGE-EDIT-.mp3?_=2

මේ අතර අද දින පාර්ලිමේන්තුවේදී සිය අදහස් දක්වමින් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා විමසා සිටියේ ලංකා විදුලිබල මණ්ඩලය කොතරම් ලාභ ලැබුවද ජනතාවට සහන ලබා නොදෙන්නේ ඇයිද යන්නයි.

මේ වන විට මෙරට බොහෝ නිවාස සදහා විදුලිය විසන්ධි කිරීමේ රතු නිවේදන යවා ඇති බවත්, මේ වන විට ලක්ෂ 5 ක පමණ ජනතාවගේ විදුලිය විසන්ධි කර ඇති බවටත් ඒ මහතා පාර්ලිමේන්තුවේදී අනාවරණය කළා.

එමෙන්ම මුරුත්තෙට්ටුවේ ආනන්ද ස්වාමින්වහන්සේ වෙසෙන අභයාරාම විහාරස්ථානයේ විදුලිය කප්පාදු කිරීමට විදුලිබල මණ්ඩලය පැමිණ ඇති බවට ද විපක්ෂ නායකවරයා සිය අදහස් දක්වමින් කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-EDIT-01-.mp3?_=3

මේ පිළිබදව වැඩිදුරටත් අදහස් පළ කළ විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා.

https://www.vnews.lk/storage/2023/12/SAJITH-EDIT-02.mp3?_=4

 

WhatsApp Group

Skip to content