සෞදි අරාබියේ නැගෙනහිර කළාපයට ඇතුලු වූ ප්‍රහාරක ඩ්‍රෝන යානා 23 ක් විනාශ කළ බව එරට ආරක්ෂක අමාත්‍යංශය පයසවා.
විදෙස් මාධ්‍ය වාර්තා කලේ අද අලුයමද සෞදි ආරක්ශක හමුදාව විසින් ඩ්‍රෝන යානා 37 ක් විනාශ කර ඇති බවයි.
මේ අතර ටෙහෙරාන් අගනුවර සෞඛ්‍ය කදවුරක් වෙතට ඊශායලය ප්‍රහාරයක් සිදු කර තිබෙනවා.
ටෙහෙරානයේ රතු සංවිධානයට අයත් මෙම සෞඛ්‍ය කදවුර යුද්ධයෙන් තුවාල ලැබූවන්ට ප්‍රතිකාර කිරීම සදහා ඉදි කර ඇති බවයි විදෙස් මාද්‍ය වාර්තා කලේ.
ප්‍රහාරය හේතුවෙන් එම කදවුරට විශාල හානියක් සිදුව ඇති අතර මෙතෙක් ජීවිත හානි සම්බන්ධයෙන් වාර්තා වී නොමැති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.
එමෙන්ම විදෙස් මාධ්‍ය වැඩි දුරටත් පෙන්වා දෙන්නේ මේ වන විට යුද්ධය හේතුවෙන් ඉරානයේ සෙඛ්‍ය පද්දතිය සීග්‍රයෙන් දුර්වල වෙමින් පවතින බවයි.














