සෞඛ්‍ය කර්මාන්ත අමාත්‍ය වෛද්‍ය රමේෂ් පතිරණ මහතාගේ උපදෙස් මත සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහිපාල මහතා අද (05) වෛද්‍ය සැපයීම් අංශයේ කටයුතු හදිසි නිරික්ෂණයට ලක් කරන ලදි.
මෙහිදි දැනට වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය, අඛණ්ඩ ඖෂධ සැපයීම් වර්ධනය කර ගැනිම මෙන්ම සැපයුම්වල හිඟතාවයක් ඇති නොවන පරිදි කාර්යක්ෂම සේවාවක් ලබාදිම පිළිබදව අවධානය යොමු කරන ලදි.
සෞඛ්‍ය ලේකම් විශේෂඥ වෛද්‍ය පාලිත මහීපාල මහතා වෛද්‍ය සැපයීම් අංශයේ ඖෂධ ගබඩාව ඇතුලු ප්‍රධාන අංශ කිහිපයක් ද නිරික්ෂණය කරන ලද අතර, එහි අළුත්වැඩියා කටයුතු කිහිපයක් පිළිබදව ද අවධානය යොමු කරන ලදි.
වෛද්‍ය සැපයුම්වල ප්‍රගතිය ද සමාලෝචනය කරන ලද අතර, සමස්ත සෞඛ්‍ය පද්ධතිය තුලම වෛද්‍ය සැපයුම් සම්බන්ධයෙන් සෞඛ්‍ය ලේකම්තුමා ලබාගත් දත්ත ද සමාලෝචනය කරමින් ඉදිරියේ දී හිඟතාවයකින් තොරව වෛද්‍ය සැපයුම්වල ඵලදායිතාව ඉහළ නැංවිම මෙන්ම අඛණ්ඩ සැපයිම් වර්ධනය කර ගැනීම සදහා ඖෂධ ගබඩාව තුල මාස 03 කට ප්‍රමාණවත් ඖෂධ තොග පවත්වාගෙන යාමට අවශ්‍ය උපදෙස් ලබාදීමට ද කටයුතු කරන ලදි.