සත්කාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති පළමු පන්දුවාර 20 ක්‍රිකට් තරගයේ සුපිරි පන්දුවාරයේ දී තියුණු ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද සමත් වුණා.

තරගය ජය ගැනීම සදහා ලකුණු 197 ක ඉලක්කයක් හඹා ගිය නවසීලන්තයට පන්දුවාර 20 අවසානයේ කඩුලු 8ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 196 ක් පමණයි.

ඒ අනුව තරගයේ දී කණ්ඩායම් දෙකම ලබා ගත් ලකුණු සංඛ්‍යාව සම වූ බැවින් තරගයේ ජයග්‍රාහකයා තෝරා ගැනීම සදහා සුපිරි පන්දුවාරයක් ක්‍රියාත්මක කෙරුණා.

එහිදී පළමුව පන්දුවට පහරදුන්නේ නවසීලන්තයයි.

මහීෂ් තීක්ෂණ යොමු කළ එම පන්දුවාරයේ දී නවසීලන්තය කඩුලු 2 ක් දැවී ලකුණු 8 ක් ලබා ගත්තා.

ඉන් අනතුරුව සුපිරි පන්දුවාරයේදී ඉනිම ආරම්භ කළ චරිත් අසලංක සහ කුසල් මෙන්ඩිස් ශ්‍රී ලංකාවට තරගයේ ජය හිමිකර දීමටයි සමත් වුණේ .

මෙම තරගයේ කාසියේ වාසිය දිනා ගත් නවසිලන්ත කණ්ඩායම පළමුව පන්දු රැකීමට තීරණය කළා .

ඒ අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා ක්‍රීඩකයින් නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 5 ක් දැවී රැස් කල ලකුණු සංඛාව 196 ක් .

එහිදී චරිත් අසලංක පන්දු 41 ක දී ලකුණු 67 ක් සහ කුසල් ජනිත් පෙරේරා නොදැවී පන්දු 45 කින් ලකුණු 53 ක් ලබා ගත්තා .

පන්දු යැවීමේදී ජේම්ස් නීශම් දවා ගත් කඩුලු ගණන 2 ක් .

ලකුණු 197 ක ඉලක්කයක් හඹා යාමට පිටියට පිවිසි නවසීලන්තය නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුළු 8 ක් දැවී ලකුණු 196 ක් ලබා ගනිමින් තරගය සම තත්වයට ගෙන ඒමට සමත් වුණා .

එහිදී ඩැරල් මිචෙල් පන්දු 44 කින් ලබා ගත් ලකුණු සංඛාව 66 ක් .

පන්දු යැවීමේ දී වනිදු හසරංග, ප්‍රමෝද් මදුෂාන් හා දසුන් ශානක කඩුලු 2 බැගින් බැගින් බිද හෙලුවා.

කණ්ඩායම් දෙකේම ලකුණු සම වීම හේතුවෙනුයි සුපිරි පන්දුවාරයකින් තරගයේ ජයග්‍රාහකයා තීරණය කිරීමට සිදු වුනේ .

මෙම තරගයේ වීරයා සම්මානය ශ්‍රී ලංකා ක්‍රීඩක චරිත් අසලංක විසින් හිමි කර ගත්තා .

WhatsApp Group

Skip to content