සී.ඩී. වික්‍රමරත්න මහතා පොලිස්පතිවරයා ලෙස මාස 03 ක කාලයකට නැවත පත් කිරීමට ජනාධිපතිවරයා කළ නිර්දේශය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව විසින් අනුමත කර තිබෙනවා.
ඒ අනුව මෙම පත් කිරීම මාර්තු 26 වන දා සිට ක්‍රියාත්මකයි.
ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සභාව, එහි සභාපති කථා නායක මහින්ද යාපා අබේවර්ධන මහතාගේ ප්‍රධානත්වයෙන් පසුගිය පළමුවනදා රැස් වුණා.