සිම්බාබ්වේ බලා පිටත්ව ගිය ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට පැය 3ක කාලයක් එරට හෝටල් පරිශ්‍රයේ රැඳී සිටීමට සිදුව තිබෙනවා.
නේවාසික පහසුකම් පිළිබද ඇතිවූ ගැටලුකාරී තත්ත්වයක් හේතුවෙන් මෙලෙස රැඳී සිටීමට සිදුව ඇති බවයි වාර්තා වන්නේ.
මෙලෙස ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ ක්‍රීඩකයන් අදාළ හෝටල් පරිශ්‍රයේ බිම හිදගෙන සිටින ආකාරය දැක්වෙන ඡායාරූප කිහිපයක් ඊයේ දිනයේදී සමාජ මාධ්‍ය ඔස්සේ සංසරණය වුණා.
ශ්‍රී ලංකා කණ්ඩායම පැමිණීමට මොහොතකට පෙර තවත් ජාතික ක්‍රිකට් කණ්ඩායමක් එම හෝටලය වෙත පැමිණ තිබූ අතර, එම කණ්ඩායමේ ක්‍රීඩකයින් හෝටලයට ඇතුළත් කර ගැනීමේ ක්‍රියාවලිය ඒ වන විට සිදු වෙමින් පැවැති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පෙන්වා දෙන්නේ.
මෙම තත්ත්වය ශ්‍රී ලංකා කණ්ඩායමේ ඇතැම් ක්‍රීඩකයින් ඇතුළු කර ගැනීමේ ක්‍රියාවලිය ප්‍රමාද වීමට බලපෑ බවයි ක්‍රිකට් ආයතනය වැඩිදුරටත් සඳහන් කර සිටියේ.
කෙසේ වෙතත්, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය මේ පිළිබඳ හෝටල් කළමනාකාරීත්වයට වාර්තා කිරීමෙන් පසුව කෙටි කාලයක් තුළ එම ගැටලුව විසඳා ගැනීමට හැකි වී තිබෙනවා.