සැබෑ විප්ලව යනු මිනිසුන් මරා දැමීම හෝ ගෙවල් ගිනි තැබීම නොව ජනතාවට ආඩම්බරයෙන් ඉදිරියට යා හැකි පසුබිමක් රට තුළගොඩනඟා දීම බව ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා පැවසීය.
“උරුමය” වැඩසටහන මඟින් මෙරට ජනතාවට එම පසුබිම උදා කරදීමට හැකි වී ඇති බව පෙන්වා දුන් ජනාධිපතිවරයා සැබෑ සමාජවාදී වැඩපිළිවෙළ ජනගත කෙරෙන උරුමය වැඩසටහන සමඟ දේශපාලනයෙන් තොරව සියලුදෙනා එක්විය යුතු බවද පැවසීය.
ජනාධිපති රනිල් වික්රමසිංහ මහතා මේ බව සඳහන් කර සිටියේ තඹුත්තේගම මහවැලි ක්රීඩාංගණයේදී පසුගියදා (13) පැවති උරුමය සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානෝත්සවයට එක්වෙමිනි.
අනුරාධපුර දිස්ත්රික්කයේ මහවැලි එච් සහ හුරුළුවැව යන කලාප දෙකෙහි මහවැලි කොට්ඨාශ 09ක 4012 දෙනෙකුට සින්නක්කර ඉඩම් ඔප්පු ප්රදානය කිරීම මෙහිදී සිදු විය.