සැප්තැම්බර් මාසයට අදාළ අස්වැසුම ගෙවීම් හෙට සිට ප්‍රතිලාභීන්ට ලබා දීමට නියමිතයි.
මුදල් රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා පැවසුවේ සැප්තැම්බර් මාසයට අදාලව රුපියල් මිලියන 8571 ක මුදලක් අස්වැසුම ගෙවීම් සදහා බැංකු වෙත ලබා දී ඇති බවයි.
එමෙන්ම අස්වැසුම අභියාචනා සහ විරෝධතා සමාලෝචනය අවසන් වූ පසු තෝරා ගත් පුද්ගලයින්ට ජූලි මාසයේ සිට බලපැවැත්වෙන පරිදි ප්‍රතිලාභ ගෙවීමට සැලසුම් කර තිබෙනවා.





 


 







 
								