2023 අධ්‍යයන පොදු සහතික පත්‍ර සාමාන්‍ය පෙළ විභාගයේ ප්‍රතිඵල නැවත සමීක්ෂණ සඳහා අයදුම් කිරීමට හෙට සිට එළබෙන 14 වනදා දක්වා අවස්ථාව ඇති බව විභාග දෙපාර්තමේන්තුව නිවේදනය කරනවා.

ඒ අනුව ප්‍රතිඵල සම්බන්ධයෙන් කිසියම් විමසීමක් සිදුකිරීමට අවශ්‍යනම් 1911 ක්ෂණික දුරකථන අංකයෙන් හෝ 011 2 785 922, 011 2 784 208 අංක ඇමතීමෙන් විමසීම් කළ හැකි බව විභාග දෙපාර්තමේන්තුව සදහන් කළා .

විභාග කොමසාරිස් ජනරාල් අමිත් ජයසුන්දර මහතා පැවසුවේ, මෙවර ප්‍රතිඵල අනුව පළමු වරට පෙනී සිටි සිසුන් 322, 537 දෙනාගෙන් 244, 228ක් උසස් පෙළ අධ්‍යාපනය සඳහා සුදුසුකම් ලබා ඇති බවයි.

WhatsApp Group

Skip to content