රුපියල් ලක්ෂ හැත්තෑ පහක් පමණ වටිනා ස්වර්ණාභරණ තොගයක් තීරු බදු නොගෙවා කටුනායක ගුවන් තොටුපොළෙන් පිට කර ගෙන යමින් සිටි ගුවන් මගී කාන්තාවන් දෙදෙනෙකු 10/05 දින ගුවන් තොටුපොළ පොලිසිය විසින් අත් අඩංගුවට ගෙන තිබේ .
මොවුන් මීගමුව සහ වෙන්නප්පුව ප්රදේශයේ පදිංචි 45 හැවිරිදි සහ 47 හැවිරිදි වියේ පසුවන ව්යාපාරික කාන්තාවන් දෙදෙනෙකි .
මොවුන් දෙදෙනා 10/05 දින අලුයම 05.30 ට ඩුබායි සිට ශ්රී ලන්කන් ගුවන් සේවයේ යූ.එල්.- 226 දරන ගුවන් යානයෙන් කටුනායක ගුවන් තොටුපොළ වෙත පැමිණ තිබුණි .
ඔවුන් විසින් රැගෙන ආ ගමන් මලු තුළ රන් වළලු 12 ක් , රන් මාළයක් , අත් පළදනා 02 ක් , රන් පෙන්ඩන්ට් 01 ක් සහ රන් මුදු 02 ක් තිබී පොලිසිය විසින් සොයා ගෙන අත් අඩංගුවට ගෙන තිබේ .
පසුව මේ පිළිබඳ වැඩිදුර විමර්ශන කටයුතු සදහා මෙම ස්වර්ණාභරණ තොගය සමග මේවා රැගෙන ආ කාන්තාවන් දෙදෙනා කටුනායක ගුවන් තොටුපොළ රේගු නිලධාරීන් වෙත යොමු කර තිබේ .