ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් දුම්රිය ස්ථානාධිපතිවරුන් ක්‍රියාත්මක කළ සංකේත වැඩවර්ජනය ඊයේ මධ්‍යම රාත්‍රියෙන් අවසන් කර තිබෙනවා..
ඒ අනුව අද දිනයේ සිට සාමාන්‍ය පරිදි දුම්රිය ධාවන කටයුතු සිදුකෙරෙන බවයි දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා සඳහන් කළේ.
ඉල්ලීම් කිහිපයක් මුල්කර ගනිමින් පසුගිය 16 වන දින මධ්‍යම රාත්‍රියේ සිට පැය 24ක සංකේතාත්මක වැඩවර්ජනයක් ක්‍රියාත්මක කිරීමට දුම්රිය ස්ථානාධිපතිවරුන් පියවර ගනු ලැබුවා.
මෙම වර්ජනය හේතුවෙන් දෛනික දුම්රිය ධාවනයට බලපෑම් එල්ල වු අතර ඊයේ සහ පෙරේදා යන දිනවල රාත්‍රී තැපැල් දුම්රිය ධාවනය ද නතර වී තිබුණා..
කෙසේවෙතත් සිය ඉල්ලීම්වලට යහපත් ප්‍රතිචාර නොලැබුණහොත් ඉදිරියේ දී අඛණ්ඩ වැඩවර්ජනයක නිරත වන බව දුම්රිය ස්ථානාධිපතිවරුන්ගේ සංගමයේ සභාපති සුමේධ සෝමරත්න මහතා වැඩි දු1රටත් සදහන් කළා.
උණුසුම් පුවත්
- ශ්‍රී ලංකාවට ලකුණු 20ක ජයක්
- බුදු පිළිමවල නළලේ රනින් නිමවා ඇති ඌර්ණ රෝම ධාතු සොරකම් කළ දෙදෙනෙක් අත්අඩංගුවට
- කාසියේ වාසිය අයර්ලන්තයට – පන්දුවට පහරදීම ශ්‍රී ලංකාවට
- නවසීලන්තයට කඩුලු පහක විශිෂ්ඨ ජයක්
- කාසියේ වාසිය එංගලන්තයට – පන්දුවට පහරදීමට තීරණය කරයි
- ඇෆ්ගනිස්ථානයෙන් නවසීලන්තයට 183ක ඉලක්කයක්
- වැසි තත්ත්වය ගැන කාලගුණයෙන් විශේෂ දැනුම්දීමක්
- ඉන්දීය කණ්ඩායම ලකුණු 29කින් ජය ලබයි














