ජනාධිපතිවරණයේදී ඡන්දය ප්‍රකාශ කිරීමේ අයිතිය අහිමිවන බවට විශ්වවිද්‍යාල සිසුන් පිරිසක් ශ්‍රී ලංකා මානව හිමිකම් කොමිසමට පැමිණිලි කර තිබෙනවා.

එහි කොමසාරිස් ජනරාල් නීතිඥ නිමල් පුංචිහේවා මහතා පැවසුවේ පැෆරල් සංවිධානය විසින් අදාළ පැමිණිල්ල කොමිසම වෙත යොමු කර ඇති බවයි.

ලබන 20 වනදා දිනය පුරා අධ්‍යන කටයුතු පැවැත්වීම හේතුවෙන් යාපනය , රුහුණ සහ කැලණිය විශ්වවිද්‍යාලයේ සිසුන් පිරිසකට මෙලෙස ඡන්දය ප්‍රකාශ කිරීමේ අවස්ථාව අහිමිවන බවයි වාර්තා වන්නේ.

මානව හිමිකම් කොමිසමේ අධ්‍යක්ෂ ජනරාල් නිමල් පුංචිහේවා මහතා පැවසුවේ මේ සම්බන්ධයෙන් අදාළ විශ්වවිද්‍යාලවල කුලපතිවරුන් සමග සාකච්ඡා කරන බවයි.

WhatsApp Group

Skip to content