බලයට පැමිණීමට උත්සහ දරණ ඇතැම් පක්ෂ සොරුන් අල්ලන බව ප්‍රකාශ කළ ද ඔවුන් තුළ ඒ සඳහා නිසි ක්‍රමවේදයක් නොමැති බව සමගි ජනබලවේගයේ නායක සජිත් ප්‍රේමදාස මහතා පවසනවා.

ඒ මහතා සඳහන් කරන්නේ තම පක්ෂයේ පාලනයක් තුළ ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා මහතා යටතේ සොරුන් ඇල්ලීම සඳහා විශේෂ වැඩපිළිවෙලක් සකස් කරන බවයි.

දෙහිඅත්තකණ්ඩිය ප්‍රදේශයේදී පැවති ජන හමුවකට එක්වෙමින් සජිත් ප්‍රේමදාස මහතා මේ බව කියා සිටියා.

https://www.vnews.lk/storage/2023/01/SAJITH-PREMADASA-01-EDIT-.mp3?_=1

එහිදි වැඩිදුරටත් අදහස් දක්වමින් සජිත් ප්‍රේමදාස මහතා කියා සිටියේ තම පක්ෂයේ පාලනයක් තුළ පුනර්ජනනීය බලශක්ති ප්‍රවර්ධනය සඳහා පළාත් සභා සියල්ලක්ම සූර්්‍ය බලශක්ති කේන්ද්‍රස්ථාන බවට පත් කරන බවයි.

https://www.vnews.lk/storage/2023/01/SAJITH-PREMADASA-EDIT-2.mp3?_=2

WhatsApp Group

Skip to content