සමාජ මාධ්‍ය නියාමනය සදහා වන පනත මාධ්‍ය සහ පුරවැසියන් මර්ධනය කිරීම සඳහා ආණ්ඩුව විසින් යොදා ගන්නා බව සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී තිස්ස අත්තනායක මහතා පවසනවා .
ඔහු මේ බව සඳහන් කලේ ඊයේ පැවති මාධ්‍ය හමුවකට එක් වෙමින් .
මාධ්‍ය නිදහසට බාධා කිරීමට ආණ්ඩුවට හැකියාවක් නොමැති බවද මන්ත්‍රීවරයා මෙහිදී කියා සිටියා .
කෙසේ වෙතත් අදාළ පනත තුලින් රජය විවේචනය කිරීම සදහා පුරවැසියන් හට ඇති අයිතියට කිසිදු හානියක් සිදු නොවන බව දේශගුණික විපර්යාස පිළිබඳ ජනාධිපති ජ්‍යෙෂ්ඨ උපදේශක රුවන් විජයවර්ධන මහතා ප්‍රකාශ කළා .
ඔහු මේ බව සඳහන් කලේ ඊයේ ජනාධිපති මාධ්‍ය කේන්ද්‍රයේ පැවති ප්රවෘත්ති සාකච්ඡාවට එක්වෙමින් .