සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා සැකකරුවෙක් සහ සැකකාරින් දෙදෙනෙක් කඳාන පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙනවා.
පොලිසිය කියා සිටියේ ඊයේ(21) රාත්‍රීයේ කඳ ාන පොලිස් ස්ථානයේ නිලධාරීන් කන්ඩායමක් විසින් වැටලීමක් සිදුකර සම්භාහන මධ්‍යස්ථානයක් මුවාවෙන් පවත්වාගෙන ගිය ගණිකා නිවාසයක් වටලා එහි කළමනාකරු හා ගණිකා සේවයේ යෙදීම සඳහා රැඳී සිටි කාන්තාවන් දෙදෙනෙකු අතඅඩංගුවට ගෙන ඇති බවයි.
සැකකරු වයස අවුරුදු 38ක් පමණ වන බලංගොඩ ප්‍රදේශ පදිංචිකරුවෙක් බවත් සැකකාරියන් අවුරුදු 28 සහ 41 යන වයස්වල පසුවන කොළඹගේආර හා ආඟරපතන යන ප්‍රදේශවල පදිංචිකාරියන් බවයි පොලිසිය පවසන්නේ.
කඳාන පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනු ලබනවා.














