කටුනායක කොළඹ අධිවේගී මාර්ගයේ සිදු වූ අනතුරකින් ජිවිතක්ෂයට පත්වූ හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතාගේ රියදුරු ලෙස කටයුතු කළ පුද්ගලයා ඇප මත නිදහස් කර තිබෙනවා.

ඒ රියදුරුවරයා වැලිසර මහේස්ත්‍රාත් අධිකරණය හමුවට අද ඉදිරිපත් කිරීමෙන් අනතුරුවයි.

එහිදී අධිකරණය නියෝග කර තිබෙන්නේ රියදුරු ලක්ෂ පහක ශරීර ඇපයක් මත නිදහස් කරනු ලබන බවයි.

ඉකුත් ජනවාරි 25 වනදා කටුනායක අධිවේගී මාර්ගයේ සිදු වූ හදිසි අනතුරකින් හිටපු රාජ්‍ය අමාත්‍ය සනත් නිශාන්ත මහතා ජීවිතක්ෂයට පත්වූවා.

අමාත්‍යවරයා ගමන් කරමින් සිටි වාහනය අධිවේගී මාර්ගයේ කදාන පොලිස් බලප්‍රදේශයේදී කන්ටේනර් රථයක ගැටීමෙන් මෙම අනතුර සිදු වූවා.

අනතුරින් රාජ්‍ය අමාත්‍යවරයා සමග අමාත්‍යවරයාගේ ආරක්ෂක නිලධාරියෙක්ද ජීවිතක්ෂයට පත්වූවා.

අනතුරින් තුවාල ලැබූ රියදුරු රෝහල් ගත කෙරුණා.

WhatsApp Group

Skip to content