පාර්ලිමේන්තු මන්ත්‍රී ජගත් විතානගේ පුතා අත්අඩංගුවට ගෙන තිබෙනවා.
ඒ පානදුර, වලාන දූෂණ මර්දන ඒකකයේ නිලධාරීන් විසින්.
මතුගම ප්‍රදේශයේදී මෙම අත්අඩංගුවට ගැනීම සිදුකර තිබෙනවා.
ඔහු සතුව තිබූ බව කියන වාහනයක් සම්බන්ධයෙන් මෙම අත්අඩංගුවට ගෙන තිබෙනවා.
අදාළ වාහනය නීති විරෝධී ලෙසඑ එකලස් කරන ලද හෝ ආනයනය කරන ලද එකක් බවටයි වාර්තා වන්නේ.
පොලිසිය කියා සිටියේ සැකසහිත නීති විරෝධී එකලස් කිරීම හෝ වාහනය රඳවා තබාගැනීම සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වෙන බවයි.
පරීක්‍ෂණවලින් පසු වැඩිදුර නීතිමය ක්‍රියාමාර්ග ගැනීමට නියමිතයි.