සමගි ජන බලවේගය නියෝජනය කරන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ගේ විශේෂ සාකච්චාවක් ඊයේ දිනයේදී විපක්ෂනායක කාර්යාලයේදී පැවැත්වුණා
ඒ සදහා විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු සමගි ජන සන්ධානයේ ප්‍රභලයින් රැසක් එක්ව සිටි බවයි වාර්තා වන්නේ .

සාකච්චාවෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී හර්ෂණ රාජකරුණා මහතා නව ජනාධිපතිවරයාට සුභ පැතුම් එක් කළා.

මෙහිදී මාධ්‍ය වෙත අදහස් දැක්වමින් පාර්ලිමේන්තු මන්ත්‍රී නලීන් බණ්ඩාර මහතා පැවසුවේ නව ජනාධිපතිවරයා පැවසු කාර්යන් ඉටු කිරීමට නිශ්චිත කාලයක් ලබා දිය යුතු බවයි.

මැතිවරණ සමයේදී සිදුකල ප්‍රකාශ මගින් අනෙකුත් අපේක්ෂකයින් කුමන හෝ අපහසුතාවයකට පත්වුයේ නම් ඒ පිලිබදව සමාව ඉල්ලා සිටින බව හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සුජීව සේනසිංහ මහතා ප්‍රකාශ කළා.

WhatsApp Group

Skip to content