චීන ජනාධිපති ෂී ජින්පිං මහතා සහ ඇමරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්
මහතා අතර හමුවක් දකුණු කොරියාවේ බුසාන් නගරයේදී සිදුවුණා.
මෙහිදී චීන ජනාධිපතිවරයා පවසා ඇත්තේ ලෝකයේ දැවැන්තම
ආර්ථිකයන් දෙකක් ලෙස ගැටුම් හට ගැනීම සාමාන්‍ය බවයි.
එබැවින් තමා සහ ට්‍රම්ප් ජනාධිපතිවරයා එහි නායකත්වය ගෙන නිවැරදි
දිශානතියකින් යුතුව සමස්ත තත්ත්වය මනා ලෙස කළමනාකරණය කර ගත
යුතු බවද ඔහු සදහන් කර තිබුණා.
චීනය සහ ඇමරිකාව හවුල්කරුවන් සහ මිතුරන් විය යුතු බවත්, එය
ඉතිහාසයෙන් ලද අත්දැකීමක් මෙන්ම යථාර්ථවාදී අවශ්‍යතාවක් බව ද එහිදී
සඳහන් ව තිබෙනවා.
සිය දිගුකාලීන මිතුරෙකු යළි හමුවීමට ලැබීම මහත් ගෞරවයක් බවයි
ඩොනල්ඩ් ට්‍රම්ප් ජනාධිපතිවරයා එහිදී පවසා ඇත්තේ.
තමා ඉතා විශිෂ්ට සහ ගෞරවනීය ජනාධිපතිවරයෙක් වන චීන
ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වා බොහෝ එකඟතාවන්ට පැමිණ
ඇති බවත් නව එකඟතාවන්ට පැමිණීමට අපේක්ෂා කරන බවත් ට්‍රම්ප්
ජනාධිපතිවරයා ප්‍රකාශ කර තිබුණා.
උණුසුම් පුවත්
- සිනොපෙක් සුපිරි ඩීසල් ලීටරය රු. 572ට නගී
- සම්භාහනයට මුවාවී කරපු දේ හෙළිවෙයි
- බලපත්‍ර නොමැතිව ඩීසල් ලීටර් 2730ක් සහ පෙට්‍රල් ලීටර් 1220ක් ළඟ තබාගත් දෙදෙනෙක් අත්අඩංගුවට
- අද සවස 1න් පසු වැසි ලැබෙන පැති මෙන්න
- ඉතාලි රැකියා පෙන්වා මුදල් ගැරූ කතක් අත්අඩංගුවට
- යාපනය විශ්වවිද්‍යාලයේ කථිකාචාර්යවරියක් ඝාතනය කෙරේ
- BREAKING NEWS: ඉන්ධන මිල ඉහළට
- ඉන්ධන කෝටාව ඉහළට














