ශ්‍රී ලංකා පාසල් පැසිපන්දු සංගමය විසින් සංවිධානය කරන ලද වයස අවුරුදු 17 න් පහල ලීග් තරඟාවලියේ A කාණ්ඩයේ ශූරතාව කොළඹ ශාන්ත ජෝශප් විදුහල විසින් හිමිකර ගෙන තිබෙනවා .
එහිදී අනුශුරයින් බවට පත් වුයේ රාජගිරිය ගේට්වේ විදුහලයි.
මෙම තරගාවලියේදීම අපරාජිතව සිටිමින් ශාන්ත ජෝෂප් ක්‍රීඩකයෝ ශූරතාව දිනා ගැනීමට සමත් වීම විශේෂත්වයක්.
කොළඹ සුගතදාස ගෘහස්ථ ක්‍රීඩාංගණයේදී පැවති අවසාන මහා තරගය තියුණු මුහුණුවරක් ගනු ලැබුවා.
එහිදී රාජගිරිය ගේට්වේ විදුහල ලකුණු 53 ට 56 ක් ලෙසින් පරාජය කරමින් ශාන්ත ජෝශප් විදුහල මෙම ජයග්‍රහණය හිමි කර ගනු ලැබුවා.










