ඉන්දියාවේ පැවති 04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට එක්වෙමින් එහි අනුශූරතාව හිමිකරගත් ශ්‍රී ලංකා කණ්ඩායම අද අලුයම දිවයිනට පැමිණියා.
ශ්‍රී ලංකා කණ්ඩායම පිළිගැනීම සඳහා ක්‍රීඩා අමාත්‍ය සුනිල් කුමාර ගමගේ මහතාද කටුනායක ගුවන්තොටුපොළ වෙත පැමිණ සිටි බවයි වාර්තා වුනේ.
04 වන දකුණු ආසියානු මලල ක්‍රීඩා තරගාවලියට සහභාගී වූ ශ්‍රී ලංකා කණ්ඩායම එහිදි රන් පදක්කම් 16ක් , රිදී පදක්කම් 14ක් සහ ලෝකඩ පදක්කම් 10ක් ලෙස සමස්ත පදක්කම් 40ක් දිනා ගැනීමට සමත් වුනා.
ඒ තරගාවලියේ අනුශූරතාවය හිමි කර ගනිමින්.
දකුණු ආසියානු මළළ ක්‍රීඩා තරගාවලියේ රන් පදක්කම් ත්‍රිත්වයක් දිනාගැනීමට ශෆියා යමික් සමත්වුණා.
මේ අතර තරගාවලියේ දක්ෂතම ක්‍රිඩකයා ලෙස සම්මාන හිමිකරගත්තේ ශ්‍රී ලංකාවේ රුමේෂ් තරංග යි.
උණුසුම් පුවත්
- මාළු ලොරියක ගැටුණු තරුණයාට අත්වූ ඉරණම
- අනුරපුර නිවසක ගින්නට හසු වූ තවත් දරුවෙක් මරුට
- මොනරාගලින් අඹේවෙලට ආ ලොරිය මහ මග පෙරළෙයි
- ව්‍යාජ මුදල් සමග දෙදෙනෙක් අත්අඩංගුවට
- බියගම මනුෂ්‍ය ඝාතනයක්
- VIDEO : පක්ෂ මතයට පිටින් ගිය ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරුන් ගැන නිදහස් පක්ෂය තීරණයක් ගනියි
- ඇල්ල පුංචි සිරිපාදෙන් වැටුණු විදෙස් ජාතික දරුවෙක් බේරා ගැනේ
- වාහන ලියාපදිංචිය සහ අයිතිය පැවරීමේදී ටින් අංකය අනිවාර්යයි













