සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශ කණ්ඩායම අතර පැවැත්වෙන දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරඟයේ සිව්වන දිනය අදයි.

තෙවැනි දිනය සඳහා තරඟය නතර කරන විට පන්දුවට පහරදෙමින් සිටි ශ්‍රී ලංකා කණ්ඩායම සිය දෙවන ඉනිමට පන්දුවාර 25ක් අවසානයේ කඩුළු 06ක් දැවී ලකුණු 102ක් රැස් කරගෙන සිටියා.

තරඟයේ පළමුවෙන් පන්දුවට පහරදුන් ශ්‍රී ලංකා කණ්ඩායම පළමු ඉනිමට සියල්ලන් දැවී ලකුණු 531ක් රැස් කළ අතර, ඊට පිළිතුරු ඉනිම බංග්ලාදේශ කණ්ඩායම පළමු ඉනිමට සියලුදෙනා දැවී ලකුණු 178 රැස් කළා.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම මේ වන විට බංග්ලාදේශ පළමු ඉනිමට වඩා ලකුණු 455ක් ඉදිරියෙන් පසුවනවා.

WhatsApp Group

Skip to content