කෞෂල්‍ය නවරත්න මහතා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයෙන් ඉල්ලා අස්වී තිබෙනවා.

ඔහු සිය ඉල්ලා අස්වීමේ ලිපිය නීතිඥ සංගමයේ පරිපාලන ලේකම්වරයා වෙත යොමු කර තිබුණා.

2024 – 2025 වාරය සදහා ශ්‍රී ලංකා නීතිඥ සංගමයේ සභාපතිධුරයට කෞෂල්‍ය නවරත්න මහතා නිතරගයෙන් තේරී පත්වුණේ පසුගිය ජනවාරි මාසයේදීයි.

කෙසේවෙතත් ඔහුට එම ධුරයෙන් ඉල්ලා අස්වන ලෙසට නීතීඥ සංගමයේ කවුන්සිලය දැනුම් දී තිබුණා.

WhatsApp Group

Skip to content