ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට නව පුහුණුකරුවන් දෙදෙනෙකු පත් කර තිබෙනවා.
නව පිතිකරණ පුහුණුකරු ලෙස ජූලියන් වුඩ් මහතා පත් කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කර ඇත්තේ.
ඔහු මෙම මස 01 වැනිදා සිට බලපැවැත්වෙන පරිදි වසරක කාලයක් එම ධුරයේ කටයුතු කිරිමට නියමිතයි.
එලෙසම දඟපන්දු යැවීමේ පුහුණුකරු ලෙස රෙනේ ෆර්ඩිනන්ඩ්ස් පත් කර තිබෙන අතර,
ඔහුගේ ධුර කාලය ඉකුත් සැප්තැම්බර් 30 වැනිදා සිට වසර 02 ක කාලයක් සඳහා බලපැවැත්වෙන පරිදි මෙම පත්වීම සිදු කර ඇති බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය විසින් නිකුත් කළ නිවේදනයේ දැක්වෙන්නේ.