ශ්‍රී ලංකාවේ කෝපි වගාවට වසර 200ක් සම්පුර්ණ වනවා.
ඒ වෙනුවෙන් සංවිධාන කළ ජාතික කෝපි සමුළුව මහනුවරදී පැවැත්වුණා.
ජාතික කෝපි සමුළුව සංවිධාන කළේ අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව,ශ්‍රී ලංකා කෝපි සංගමය සහ ශ්‍රී ලංකාවේ ඕස්ට්‍රේලියා මහ කොමසාරිස් කාර්යාලයයි.
මෙරට හෙක්ටාර 5000ක කෝපි වගා කෙරෙනවා.
ඉන් වාර්ෂිකව මෙට්‍රික් ටොන් 3300ක් කෝපි අස්වැන්නක් ලබා ගන්නා බවයි අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුව පවසන්නේ.
මෙට්‍රික් ටොන් 400ක පමණ අස්වැන්නක් අපනයනය කොට රුපියල් මිලියන 1508ක විදේශ විනිමයක් උපයා ගන්නා බව අපනයන කෘෂිකර්ම දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් දමයන්ති සමරසිංහ මහත්මිය මෙහිදි ප්‍රකාශ කළේ.
කෝපි වගාව සම්බන්ධයෙන් පාසල් දරුවන් අතර පැවති සිතුවම් දැක්මේ ජයග්‍රාහකයන්ට ත්‍යාග පිරිනැමීම ද මෙහිදි සිදුකෙරුණා.