ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණ ප්‍රමුඛ විපක්ෂයේ කණ්ඩායම් එක්ව සංවිධානය කරන මහජන රැලිය අද පස්වරුවේ නුගේගොඩ නගරයේ දී පැවැත්වෙනවා. මේ සදහා සමගි ජන බලවේගය සහ සර්ව ජන බලය පක්ශය ඇතුලු තවත් විපක්ෂයේ පක්ෂ කණ්ඩායම් කිහිපයක් සහභාගී නොවන බවයි මේ වන විට දැනුම් දී ඇත්තේ. කෙසේ වෙතත් පසු ගිය දා පැවැත් වූ කෘත්‍යාධිකාරී මන්ඩලයේදී මෙම රැලිය සදහා සහභාගී වීමට තීරණය කළ බවයි එක්සත් ජාතික පක්ෂයේ මහලේකම් තලතා අතුකෝරළ මහත්මිය මාධ්‍ය වෙත සදහන් කළේ. මේ අතර අද දින පැවැත්වීමට නියමිත මහජන රැලිය හේතුවෙන් විශේශ රථ වාහන සැලැස්මක් ක්‍රියාත්මක කර ඇති බව ශ්‍රී ලංකා පොලීසිය පවසනවා. ඒ මෙම මහජන රැළිය සඳහා සහභාගි වන පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්, ප්‍රභූවරුන්, දේශපාලන පක්ෂ නායකයින්, නියෝජිතයින්, පාක්ෂිකයින් හා පැමිණෙන මහජනතාවගේ ආරක්ෂාව තහවුරු කිරීම වෙනුවෙන්.
අද පස්වරු 02.00 සිට රැළිය අවසන්වන තුරු නුගේගොඩ ගුවන් පාලම අසල හයිලෙවල් හන්දියේ සිට නාවල මාර්ගයේ නාවල වටරවුම දක්වා වූ කොටසෙහි රථවාහන ගමනාගමනය සීමා කිරීම සිදු වන බවයි පොලිස් මාධ්‍ය කොට්ඨාසය නිවේදනය කළේ. අදාල කාලය තුළ එම මාර්ග භාවිතා කරන රියදුරන් හා මහජනතාවට ඇති විය හැකි අපහසුතා මගහරවා ගැනීම සඳහා විකල්ප මාර්ග භාවිතා කරන ලෙසයි පොලිසිය මහජනතාවට දැනුම් දෙනවා.










