විදෙස් ගමන් බලපත්‍ර නිකුත් කිරීමේ නව වැඩපිළිවෙල සඳහා ඇඟිලි සලකුණු ලබා ගැනීම අද සිට ආරම්භ කිරීමට නියමිතව තිබෙනවා.
ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා පැවසුවේ, දිවයිනේ ප්‍රාදේශීය ලේකම් කාර්යාල 51ක මෙම කටයුතු සිදු කරන බවයි.
මෙහිදී සකස් කෙරෙන ගමන් බලපත්‍රය අයදුම්කරුගේ නිවස වෙත ලැබීමට සලස්වන බවයි ආගමන විගමන පාලක ජනරාල් හර්ෂ ඉලුක්පිටිය මහතා කියා සිටියේ.
විදෙස් ගමන් බලපත්‍රය ලබා ගැනීම සඳහා ගෙවීම් කිරීමට පෙර අයැදුම් පත්‍රය පරීක්ෂාවකට ලක් කෙරෙන බවද මෙහිදී ප්‍රකාශ කෙරුණා.
ආගමන විගමන පාලක ජනරාල්වරයා වැඩිදුරටත් සඳහන් කළේ, ප්‍රාදේශීය ලේකම් කාර්යාල හරහා දෛනිකව පුද්ගලයින් 765 කුගේ පමණ ඇඟිලි සලකුණු ලබා ගන්නා බවයි.
Trending
- වසර 9කට පසු නවසීලන්තයට එරෙහිව ශ්‍රී ලංකාවට එක්දින ජයක්
- මහ මැතිවරණය අද
- මෙක්සිකෝවේ අවන්හලක් තුළ වෙඩි තැබීමකින් පුද්ගලයින් 10ක් මරුට
- ගුවන් යානා ප්‍රමාදයන් ගැන මගීන් දැනුවත් කිරීමට විශේෂ ඒකකයක්
- නිල ඡන්ද දැන්වීම් පත්‍රිකා නොලැබුණු ඡන්ද හිමියන්ට මෙහෙමත් පත්‍රිකාව ගන්න පුළුවන්
- කුඩා දරුවන් අතර වෛරස් උණ රෝගී තත්ත්වයක් – අවධානයෙන් පසුවන ලෙසටත් වෛද්‍යවරුන් දෙමව්පියන්ගෙන් ඉල්ලය
- බේකරි නිෂ්පාදන අඩු කිරීමට පිළිබද සාකච්ඡා
- එළඹෙන 21 වන දා දස වැනි පාර්ලිමේන්තුවේ පළමු සභා වාරය ආරම්භ කෙරේ