ඉල්ලීම් අටක් මුල්කර ගනිමින් පැය හයක සංඛේත වැඩ වර්ජනයක අද(26) දින නියැලෙන බව ලංකා විදුලිබල මණ්ඩලයේ විදුලි වෘත්තීය සමිති පවසනවා.
අවස්ථා කිහිපයකදී අදාළ ගැටලු සම්බන්ධයෙන් බලධාරීන් දැනුවත් කළත් මේ දක්වා ඊට නිසි විසඳුම් නොලැබුණු බවය අදාළ වෘත්තීය සමිති කියා සිටියේ.
ලංකා විදුලිබල මණ්ඩලයේ කාර්මික ශිල්පීන්ගේ සංගමයේ සභාපති කෝසල අබේසිංහ මහතා කියා සිටියේ ඒ අනුව අද(26) දහවල් 12 සිට පස්වරු 6 දක්වා දිවයින පුරා සංඛේත වැඩවර්ජනයක නිරත වන බවයි.














