විදුලිසැර වැදීමෙන් 8 හැවිරිදි දරුවෙකු මියගොස් තිබෙනවා.
මැදවච්චිය පොලිස් වසමේ සංගිලිකනදරාව ප්‍රදේශයේදී නිවසක සිටි දරුවෙකුට විදුලිසැර වැදී බරපතළ තත්ත්වයෙන් මැදවච්චිය රෝහලට ඇතුලත් කර තිබෙනවා.
රෝහල් ගත කිරීමෙන් අනතුරුව දරුවා මියගොස් ඇති බවට ඊයේ සවස මැදවච්චිය පොලීසියට පැමිණිල්ලක් ලැබී ඇති බවයි මැදවච්චිය පොලිසිය සදහන් කලේ.
දරුවා විසින් විදුලි හීටරයක් උපයෝගී කරගනිමින් වතුර රත්කිරීමට යාමේදී මෙසේ විදුලිසැර වැදී අති බවට විමර්ශනයේදී අනාවරණ වී තිබෙනවා.
මැදවච්චිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදු කරනවා.